අයිසීසී දායකත්වයෙන් හැඩ වුණ කාන්තා ක්‍රිකට් සතිය

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 28,  කොළඹ LNW:

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සමගාමීව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා අයිසීසීහි අඛණ්ඩ කැපවීමේ කොටසක් ලෙස එහි උප‍දෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ‘කාන්තා ක්‍රිකට් සතිය‘ සාර්ථකව අවසන් විය.


මෙම වැඩ සටහනට දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් දිස්ත්‍රික් සංචිතවල සිටින ක්‍රීඩිකාවෝ එක්ව සිටියහ.
උතුරු පළාත කේන්ද්‍රකොට යාපනය දිස්ත්‍රික්කයේ, මධ්‍යම පළාත කේන්ද්‍රකොට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී, දකුණු පළාත නි‍යොජනය කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ, බස්නාහිර පළාත නියෝජනය කරමින් කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හා දඹුල්ල අවට පළාත් නියෝජනය කරමින් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාන්තා ක්‍රිකට් සතිය ක්‍රියාවට නැංවිණි.

ලොව පුරා ටෙස්ට් පූර්ණ සාමාජික රටවල් හා අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් එක්ව පසුගිය 16 සිට 22 දක්වා මෙම කාන්තා ක්‍රිකට් සතිය පැවැත්වූ අතර, දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඉතා උනන්දුවෙන් ඒ සදහා එක්ව සිටියහ. පළාත් පුහුණුකරුවන්ගේ හා දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ මෙම කාන්තා ක්‍රිකට් සතියේදී පුහුණු කටයුතු යාවත්කාලීන කරමින් ඔවුන්ට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නිසි ගමන් මඟ පෙන්වා දුන්හ.

මෙම කාන්තා ක්‍රිකට් සතිය වැඩසටහනට එක්වූ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින විවිධ පළාත්වල ක්‍රීඩිකාවන්ට අයිසීසීය මඟින් ටීෂර්ට්, කැප් තොප්පි වැනි ඇඳුම් ආයිත්තම් ලබාදී ඉතා ක්‍රමානුකූල අලංකාර පෙළ ගැස්මක් සකසා තිබීම කැපී පෙණුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...