සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නව ගිවිසුම් කිහිපයකට අත්සන් තබමින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආරම්භ කළ ජපන් සම්බන්දතා වල ස්වර්ණමය යුගයක් ආරම්භ වූ බව ජපානයේ නව අගමැතිනි සනේ ටකයිචි ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ ආසියානු සංචාරයේ දෙවන අදියරේදී ජපානයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුර්ලභ පස් සහ අනෙකුත් තීරණාත්මක ඛනිජ කැණීම සහ සැකසීම සුරක්ෂිත කිරීම සඳහා නව ගිවිසුමකට අත්සන් තබමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබිණි.

ජපානයේ හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා, එක්සත් ජනපද ආර්ථිකයේ දැවැන්ත ජපන් ආයෝජන සඳහා ධවල මන්දිරයෙන් තීරුබදු සහන ලබා ගැනීමෙන් මාස කිහිපයකට පසු බලයට පැමිණි ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය සිය පක්ෂයේ නායකයකුව සිටියදී 2022 දී ඝාතනය කරන ලද සින්ශෝ අබේ සමඟ ට්‍රම්ප්ගේ මිත්‍රත්වය වෙනුවෙන් සිය ස්තුතිය පුදකළ අතර ට්‍රම්ප්ගෙන් තවදුරටත් සහනයක් ලබා ගැනීම සඳහා ජපන් ජාතිකයින් වැඩි වැඩියෙන් ඇමරිකානු සෝයා බෝංචි, පිකප් ට්‍රක් සහ අනෙකුත් නිෂ්පාදන මිලදී ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.
අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙම නව ගිවිසුම් හරහා ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙකම ශක්තිමත් සහ වඩාත් සමෘද්ධිමත් වනු ඇති බවත්, ජපාන-ඇමරිකානු සන්ධානයේ නව ස්වර්ණමය යුගයක් සාක්ෂාත් කර ගැනීමට තමා උත්සහ කරණු ලබන බවත්ය.
සමහර විශේෂඥයින් ජනාධිපති ට්‍රම්ප්ගේ භූමිකාව නොසලකා හැරියද, ගාසා තීරයේ සාම ගිවිසුම, තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාම තහවුරු කිරීමේ දී ට්‍රම්ප්ගේ භූමිකාවට සුබ පැතුම් එක් කළ අගමැතිනි සනේ ටකයිචි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තමා විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කරන බවටයි.
