පුත්තලම කියද්දී සතෙක් මතක් කළාට ශ්‍රී ලාංකීය ජාතිය හැදුණේ පුත්තලමෙන් – සනත් නිශාන්ත

Date:

ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වුණේ පුත්තලමෙන් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

“අර අහිංසක මිනිස්සුන්ව වැව්වලට දාලා ඒක දිහා බලලා සතුටුවෙන, කාලකන්නි සතුටක් ලබන කට්ටිය හිතන් ඉන්නවා නම් ඒ තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසාන කරන්න පුළුවන් කියලා, ඒක වැරදීමක් කියලා ඔවුන්ට මතක් කරන්න ඕනෙ. පුත්තලම කිව්වාම අර කට්ටිය සතෙක්වනෙ මතක් කරන්නෙ නේද ? මේ ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වුණේ පුත්තලමෙන්. පූක්කුලම කියන ග්‍රාම නිලධාරී වසමට අයත් වන ස්ථානයෙන් තමයි විජය රජ්ජුරුවෝ ගොඩබහින්නෙ. එතනින් තමයි කුවේණිය සමග අත්වැල් බැඳගෙන මේ ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වෙන්නෙ. මේ පුත්තලමට නිගා කරන කට්ටිය ඉන්නවා නම් ඒ කියන කියන හැමෝම ඒ ජාතියේ කට්ටිය තමයි කියලා මතක් කරන්න ඕනෙ. පුත්තලමෙන් නෙ ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වෙලා තියෙන්නෙ, නේද ?

එදා පොහොර තීන්දුව ගන්න වෙලාවේ, ඒකෙදි මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා සර් මේ තීන්දුව ගත්තොත් අපි ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙනවා කියලා. ඔබතුමාත් ඒ වෙනුවෙන් පෙනී සිටියා, ඔබතුමා කිව්ව කතාව මට මතකයි තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕනෙ කියලා. ආණ්ඩුව තියෙන්න ඕනෙ මොනවා කරන්නත් කියලා. අපට වැරදිච්ච තැන් තියෙනවා”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (27) ආරච්චිකට්ටුවේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලනය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...