කලා ලොවේ ප්‍රවීණයකු වූ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවීණ සංගීතඥ සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ , ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අද (28) දින අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු 81 හැවිරිදි වියේ පසු වුණා.

ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සහෝදරයා වන සුනිල් සිරිවර්ධන මහතා කලා ශිල්පීන් වන මදුමාධව අරවින්දගේ සහ ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පියාණන් ද වේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, මිය ගිය සුනිල් සිරිවර්ධන මහතාගේ අවසන් කැමැත්තට අනුව අද දිනයේම අවසන් කටයුතු සිදු කරන බවයි.

ටික දිනකට පෙර මදුමාධව අරවින්ද තම ආදරණීය දෙමාපියන් ගැන මෙසේ ලියා තිබුණා…

කනාටු සුලගේ
දුහුල් මලකි මා….
වල් මත් වී පාවෙන්නේ….
ඔබ ගෙන් දෝ
ඔහුගෙන් දෝ
මා හෙට දින …. සමුගන්නේ…….
හිරු සදු එකවර
දෙපස නැගේ……
කලුවර නෑ
විජිතයම මගේ…
සමහර ගීත… හරි එලියයි…. කලුවරෙත්.
අම්ම තාත්තා එහෙම එලියක්…
ගොඩාක් කලුවර මකපු රන් කෙන්දෙන්

ඔහුගේ අවසන් කැමැත්ත මෙසේ සටහන් වී ඇත..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...

ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...

වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ජාතික ජන බලවේගය...