දුෂ්කර දේශගුණිත තත්ත්වයන්ට මුහුණදීමට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සූදානම්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
දේශගුණික විපර්යාසවලට මුහුණු දෙමින් කටුක තත්ත්වයන් යටතේ වුවත් සාර්ථක වගාවක් පවත්වා ගත හැකි අයුරින් මෙරට කෘෂිකර්මය සකස් කරන බව කෘෂිකර්ම හා වැවිල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මෙරටට උචිත නව ප්‍රභේද කිහිපයක් ගොවියන්ට හදුන්වා දී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

දේශගුණික වෙනස්කම් මත නව කෘෂිතාක්ෂණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාක් කලාපීය කෘෂිකර්ම නියෝජිත සමුළුව ඊයේ (27) ගැටඹේදී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊට සහභාගීවූ අමාත්‍යවරයා එහිදී මේ බව සඳහන් කළේය.

ගෝලීය දේශගුණික වෙනස්කම් හමුවේ ආසියානු කලාපයට දැනී ඇති බලපෑම ශ්‍රී ලංකාවටත් පැහැදිලිව දැනී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් ඊට විසඳුම් සකස් කර ගන්නා බව කීවේය. ඒ අනුව අඩු ජල ප්‍රමාණයක් භාවිත කොට කෙටි කාලයක් තුළදී ඉහළ අස්වනු ලබා ගත හැකි වී ප්‍රභේද කිහිපයක් සාර්ථකව අත්හදා බැලීම් කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

නමුත් හුදකලා වී විසදුම් කරා යොමු විය නොහැකි යැයි පෙන්වා දුන් ඒ මහතා ආසියානු කලාපය වශයෙන් ගෝලීය දේශගුණික විපර්යාස සඳහා මුහුණ දිය යුතු යැයි කීවේය. ගොවිතැන සඳහා යොදා ගන්නා උපාංග, තාක්ෂණය හා යෙදවුම් අනාගතයට උචිත පරිදි වෙනස් කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් යැයි ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ගොවියන් පුහුණු කිරීම අඛණ්ඩව සිදු කළ යුතු බව ද අවධාරණය කළ ඒ මහතා පරීක්ෂණ හා නව තාක්ෂණය නොපමාව කෘෂිකර්මයට යොදා ගැනීම අතිශය වැදගත් යැයි ද එහිදී පෙන්වා දුන්නේය. තිරසාර කෘෂිකර්මයක් සඳහා යොමුවීමේදී ජාත්‍යන්තර ප්‍රතිපත්ති සම්පාදනය ඉතා වැදගත් බවත් ඒ සඳහා හැකි උපරිම අයුරින් ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සාක් කලාපීය රටවල් මේ වන විට භාවිතා කරන සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණයෙන් ඔබ්බට ගොස් ඉදිරියේදි අනුගමනය කළ යුතු තාක්ෂණික පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ සම්බන්ධයෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථ හයක් අමාතවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, සාක් කලාපීය කෘෂිකර්ම නියෝජිත සමුළුවේ සභාපති බැක්ටර් හුසේන් මහතා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පී. මාලතී මෙනවිය, සාක් කලාපීය කෘෂිකර්ම නියෝජිත සමුළුවේ ලේකම් ජමාල් උදීන් අහමඩ් මහතා, එහි පර්යේෂණ සම්බන්ධීකාරක ආචාර්ය මමාටා ප්‍රධාන් මහතා ද එහිදී අදහස් දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...