“තංගල්ලේ සුද්දා ‘ අත් අඩංගුවට! ඔහු විසින් වෙඩිතබා හා කපා කොටා පුද්ගල ඝාතන 19ක් සිදුකළ බව‍ට පාපොච්චාරනයක්ද කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නිලන්ත කුමාර නොහොත් “තංගල්ලේ සුද්දා” නම් වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන තිබේ.

උණවටුන ප්‍රදේශයේ සඟවා තිබියදී, සැකකරු ඝාතන සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමග “තංගල්ලේ සුද්දා” නැමැති වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

නිලන්ත කුමාර නැමැති සකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී විමර්ශන නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ, තමන් වෙඩිතබා හා කපා කොටා පුද්ගල ඝාතන 19ක් සිදුකළ බව‍යි.

සැකකරු තව දුරටත් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ, එමෙන්ම මාකඳුරේ මදූෂ් ඇතුළු ප්‍රබල අපරාධකරුවන් රැසකගේ කූලී ඝාතකයෙකු ලෙසටත් කටයුතු කළ බවයි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු පැවසූ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...