විපක්ෂ නායක සහ ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය අතර හමුවක්!

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්න් මහත්මිය සමඟ සිය කාර්යාලයේදී ඵලදායී හමුවක් පවත්වන ලදී.

ඔවුන් සමඟ එම හමුවට ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ආයතනික කටයුතු/අපනයන ප්‍රවර්ධන ප්‍රධානී මලින්ත ගජනායක මහතා සහ සන්නිවේදන කළමනාකාරිනී කේශලා ඩයස් මහත්මියද එක්ව සිටියහ.

අවහිරතා ඉවත් කරමින් හා ද්වි-පාර්ශ්වික වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරමින් සිදු කෙරෙන සෘජු විදේශ ආයෝජන (FDIs) කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ජර්මන් ව්‍යාපාරයනට ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතු සිදු කිරීමට සුභදායී වූ පරිසරයක් නිර්මාණය කිරීම කේන්ද්‍රකොට ගනිමින් එම සාකච්ඡාව පැවැත්විණි.

දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන ඒම සහතික කරන්නාවූ සහයෝගිතා අවස්ථාවන් විමසා බලන අතර ආර්ථික වෘද්ධිය හා සමෘද්ධියද සුපෝෂණය කිරීම ඉලක්කගතව ඔවුහු කටයුතු කරමින් සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...