අප්පලගෙන් පුතාට යන්න හදන ඔලිම්පික්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 29,(LNW) කොළඹ :

මේ වන විට 70 හැවිරිදි වියේ පසුවන තෝමස් බැච් තව දුරටත් ඔලිම්පික් සභාපති ධූරයේ කටයුතු කරන්නට කැමත්තක් දක්වා නැති බව පවසා තිබෙනවා.ඒ අනුව ඉදිරි වසරේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක් පත්වීමට නියමිතයි.ඒ තනතුර සඳහා හිටපු සභාපතිවරයෙක් වන ජුවාන් ඇන්ටෝනියෝ සමරන්ච් ටොරෙලෝ ගේ පුත් ජුවාන් ඇන්ටෝනියෝ සමරන්ච් සාලිසාක්ස් ඉදිරිපත් වන බව පවසා තිබෙනවා.


ක්‍රීඩාවේ නිරතව නැති ජුවාන් ඇන්ටෝනියෝ සමරන්ච් සාලිසාක්ස් ට ඇත්තේ සිය පියා වන සමරන්චි හරහා උපයාගත් අත්දැකීම් වන අතර ඔහුගේ පියා 1980 සිට 2001 දක්වා වසර 21 ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය දරන සමයේ සාලිසාකාස් ඔහු සමීපයෙන් වැඩ කර තිබෙනවා.මේ අත්දැකීම් සහ මූල්‍ය කේෂ්ත්‍රෙය් සුදුසුකම් සහිත කළමණාකාර හැකියාව ද මෙහිදී සාලිසාක්ස්ගේ ඉදිරිපත් වීමේ සුදුසුකමක් හැටියට දැකිය හැක්කේ මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යාපාරය මූල්‍ය තිරසාරභාවය සහ ගෝලීය අදාළත්වය සම්බන්ධයෙන් දැඩි පීඩනයකට ලක්ව තිබෙන බවක් දැනෙමින් තිබෙන නිසයි.


ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සිටි මූල්‍ය අනුග්‍රාහකත්වයන් කිහිපයක්ම ඉන් ඉවත්විමට තීරණය කර තිබෙන මොහොතක මූල්‍ය කළමණාකරණයේ ප්‍රවිනත්වයක් ලබා ඇති සාලික්ස් සමරාන්චි ගේ ප්‍රවේශය සිඳුවීම අවධානයට ලක්ව තිබෙනවා.එසේම ශ්‍රී ලංකාව මේ වන විට වයස සම්බන්ධයෙන්,තනතුරේ සිටිය යුතු කාලය සම්බන්ධයෙන් මෙන්ම පත්වන අය ක්‍රීඩාවේ නිරත වී සිටීම අනිවාර්ය බව පවසමින් ද ක්‍රීඩා නීතියේ වෙනස්කම් සංශෝධනය කරමින් සිටින මොහොතක එළැඹෙන නොවැම්බරයේ 65 වන වියට එළැඹෙන කණිෂ්ඨ සමාරන්චි ක්‍රීඩා නොකළ අයෙක් ලෙස 2025 මාර්තු 18 සිට 21 දක්වා ග්‍රීසියේ පැවැත්වෙන රැස්වීමේදී සභාපතිවරයා ලෙස තරග වැදීමට ඉදිරිපත් වී තිබෙනවා.


ඔහු ගැන මේ වන විට කතාබහ කරන්නේ ඉදිරි ගෝලීය අභියෝග සඳහා මුහුණ දිමට කළමණාකරුවෙකු ලෙස දක්වන ඔහුගේ පරිනතභාවය වැදගත් වනු ඇති බව මිස ක්‍රීඩාවේ නියැලීම ගැන නොවෙයි.ස්පාඤ්ඤ ජාතික සාලික්ස් සිය පියාගෙ අඩිපාරේ යමින් නූතණ අභියෝග හඳුනා ගනිමින් එම දැණුම හරහා ක්‍රීඩාවට අලුත් පරිච්ඡේදයක් එකතු කරනු ඇති බවට ක්‍රීඩා කරපු අයගේ අදහස් ද මතු වෙමින් තිබීම,ශ්‍රී ලංකාවට ක්‍රීඩාව පරිපාලනය සම්බන්ධයෙන් වෙනස් කරමින් තිබෙන අදහස් නිවැරදි වෙනසක් ද යන්න කල්පනා කිරීමට බලපෑමක් ඇති කරනවා.තෝමස් බැච් කඩු ශිල්පය වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකු වුවත්,ඊට ආසන්නයේ සිටි ජ්‍යෙෂ්ඨ සමරාන්චි සහ ජැක් රොග් ද ජාත්‍යන්තර මට්ටමේ ඔලිම්පික් පදක්කම් දිනූ හෝ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් නොවන ක්‍රීඩා පරිපාලනයේ කුසලතා දැක් වූ අයයි.


කෙසේ නමුත් සාලික්ස් ට පිය උරුමයෙන් මේ සභාපතිකම බන්දේසියක තබා ලබා ගන්නට පහසු වන්නේ නැහැ. ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ වැනි ඉහළ පෙළේ තරඟකරුවන්ට මුහුණ දෙන්නට සිඳු වෙනවා. හිටපු පිහිනුම් ක්‍රීඩිකාවක් වන සිම්බාබ්වේහි බහු ඔලිම්පික් පදක්කම්ලාභී සහ එ‘රටේ ක්‍රීඩා ඇමති කිර්ස්ටි කොවෙන්ට්‍රි, ජාත්‍යන්තර පාපැදි සංගමයේ (UCI) සභාපති ඩේවිඩ් ලැප්පාර්ටන්ට්; ජෝර්දානයේ රාජකීය පවුලේ සාමාජිකයෙකු වන ෆයිසාල් අල් හුසේන් කුමරු සහ IOC හි කාන්තා හා ක්‍රීඩා කොමිසමේ සභාපති; ජාත්‍යන්තර ස්කී සම්මේලනයේ සභාපති ජොහාන් එලියාෂ්; සහ ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනයේ සභාපති මොරිනාරි වටනබේ යන අය ද බොහෝ දුරට සාලික්ස්ට අභියෝග කිරීමට ඉදිරිපත් වනු ඇතැයි සිතිය හැකියි.


කණිෂ්ඨ සමරාන්චි ට සිය පියාගේ සම්බන්ධතා මෙන්ම තෝමස් බැච් ගේ ද යම් උපකාරයක් ලැබෙන්නට ඉඩ තිබෙන බව පැවසෙනවා.පැරිස් ඔලිම්පික් උළෙලේදි බැචි ඉතා සමීපව සමරාන්චි සමග කටයුතු කර තිබීම ඊට හේතුවයි.මෙහි ප්‍රධාන ඡායාරූපයේ ජ්‍යේෂ්ඨ සමරාන්චි සහ කණිෂ්ඨ සමරාන්චිත් සිටින අතර අනෙක් ඡායාරූපයේ දැක්වෙන්නේ කණිෂ්ඨ සමරාන්චි තෝමස් බැචි සමග පැරිස් ඔලිම්පික් උළෙලේ සිටින ඡායාරූපයකි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...