සල්ලි අච්චු ගැහුවාද ? – ඇමති විජිතගෙන් පිළිතුරු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“සාමාන්‍යයෙන් මහබැංකුවේ ක්‍රමවේදයක් තියෙනවා භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කල් ඉකුත් වෙනකොට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒ ක්‍රියාවලිය හැමදාම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම මුදල් අච්චු ගැසීම ගත්තොත් ඇත්තටම අලුතින් මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ, කරන්න බෑ ඒක පැහැදිළිව තියෙනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න හැබැයි තාම නම් එහෙම එකක් නිකුත් වෙලා නෑ. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්”

අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...