ජනාධිපතිතුමාට රහසිගතව යවන ලිපි සමාජ මාධ්‍යයට මුදා හැරෙන එක ගැන සොයා බැලිය යුතුයි – රවී කුමුදේශ්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රකාශයට පත් කිරීමට පෙර, රංජන් රාමනායක මහතා විසින් සිදු කල පෞද්ගලික ඉල්ලීමක් සමාජ මාධ්‍යට මුදා හැරීම ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා පවසයි. ඒ පිළිබඳ ඒ මහතා මෙසේ ප්‍රකාශ කරයි.

ජනාධිපතිතුමාට රහසිගතව යවන ලිපි සමාජ මාධ්‍යයට මුදා හැරෙන එක ගැන සොයා බැලිය යුතුයි

ජනාධිපතිවරයා එම ලිපියට ප්‍රතිචාර නොදැක්වුවද, මැතිවරණයට ඉදිරිපත්විමට කිසිදු බාධාවක් නොමැති බවට ලැබුණු නීතිඥ උපදෙස් අනූව එතුමා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. නාමයෝජනා ඉදිරිපත් කල මොහොතේ ඔය විරෝධතාවය අවා. මැතිවරණ කොමිෂන් සභාව ඒවා ප්‍රතික්ෂේප කලා. ඔහුට එය කල හැකිද නැද්ද කියන එක අවසාන වශයෙන් තීරණය කරන්න ඕනේ ව්‍යවස්ථාපිත ස්වාධීන ආයතනය ඒ අපේක්ෂකත්වය අනුමත කරලා තිබෙනවා.

මේ ලිපිය රහසින් ජනාධිපතිවරයාට දුන්න එකක් නෙවේ. ලිපිය බාරදීලා, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදීම ඒ බව මාධ්‍යට අනාවරණය කලා.

නමුත් රහසිගතව දුන්න ලියුමක්, ලියුමට කිසිම ප්‍රතිචාරයක් නැතුව හිටි හැටියේ සමාජ මාධ්‍යට ආවේ ඇයි කියලා අපිට තේරෙණවා. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන දේශපාළණ පක්ෂයට අද ගොඩාක් අය බය වෙලා ඉන්නේ.

රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...