කෙහෙළිය,සනත් නිශාන්ත,දිළුම් සහ සම්බන්ධන් භාවිතා කළ නිල නිවාසවලට වෙන්න යන දේ!

කොළඹ LNW: අධිකරණයේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම සදහා අළුත් මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ඊයේ (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙම මහාධිකරණ ස්ථාපිත කිරීම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පාලනය යටතේ පවතින ගොඩනැගිලි හතරක් වෙන්කර ඇති බවත් ඒ අනුව එම ස්ථානයන් පිළිබඳවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කරන ලදී.

ඒ අනුව, නව මහාධිකරණ හතර ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, දිළුම් අමුණුගම සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්.සම්බන්ධන් මහතා භාවිතා කළ නිල නිවාසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...