පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රාසායනික ද්‍රව්‍ය ළඟ තබාගැනිමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ නඩුව අද (29) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙන බව වාර්තා වේ.

ඒ විඩියෝ තාක්ෂණය ඔස්සේයි .

පසුව ඔවුන් දෙදෙනාව නැවතත් එළැඹෙන මස 12වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය නියෝග කර තිබෙන බව සඳහන් වේ.

මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අවි ආයුධ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය සඳහන් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...