කෙනට් හි දී පවුම් මිලියන 10ක් වටිනා කොකේන් තොඟයක් නැව් බඳෙන් සොයා ගැනේ!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බහාලුම් නෞකාවක ජල මාර්ගයට පහළින් සඟවා තිබූ පවුම් මිලියන ගණනක් වටිනා කොකේන් තොගයක් පොලිස් කිමිදුම්කරුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙන්ට් ප්‍රාන්තයේ ෂියර්නස් ප්‍රදේශයේ දී කෙසෙල් රැගෙන යමින් තිබූ පැනමාවේ ලියාපදිංචි නෞකාවක තිබී කිලෝග්‍රෑම් 137 (රාත්තල් 302) බරැති මත්ද්‍රව්‍ තොගය මෙලෙස සොයා ගන්නා ලදී.

මෙම තොගයේ එක්සත් රාජධානියේ වීදි වටිනාකම පවුම් මිලියන 10කට වඩා වැඩි වන්නට ඇතැයි ජාතික අපරාධ ඒජන්සිය (NCA) පවසයි.

නෞකාව නෙදර්ලන්තයට යාමට නියමිතව තිබූ නමුත්, ජාතික අපරාධ ඒජන්සිය විසින් සපයන ලද තොරතුරු මත, විශේෂඥ කණ්ඩායම් ඔක්තෝබර් 14 වන දින ෂියර්නස් වරායට නැංගුරම් ලෑමේ දී නෞකාව සෝදිසි කිරීමට බඳුන් කර ඇත.

නැවේ බඳෙහි දෘශ්‍යතාව අඩු වී දිය යට සෝදිසි කිරීමකින් පසු මත්ද්‍රව්‍ය සොයා ගැනීමට මෙට්‍රොපොලිටන් පොලිස් කිමිදුම් අංශයට පැය පහක් ගත වූ බව ජාතික අපරාධ ඒජන්සිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...