රජයට කරන්න බැරි දේ අපි කරලා පෙන්වන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ඇත්ත කතා කරන්න තමා බය නැති නිසා අපේ රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසියෙන් යැයි පැවසීමට සෙසු පුද්ගලයන් මෙන් තමා බිය නොවන බවත් බංකොලොත් රටේ මේ මොහොතේ හෝ ලොව දිනන පුරවැසියන් බිහි කරන ගමන ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා විසින් සෑම මොහොතකම සුහුරු රටක් ගැන සිදු කරන කතා අනුකරණය කරමින් සුහුරු රටක් ගොඩනගන්නේ තමාගේ සුහුරු පක්ෂයෙන් බවට ජනාධිපති පැවසීම අමනෝඥ ක්‍රියාවක් බවත් සුහුරු රටක් ගොඩ නැගීමට නම් සුහුරු අධ්‍යාපන ක්‍රමයක් සුහුරු සිසුන්, සුහුරු තාරුණයක් හා සුහුරු පුරවැසියකු සිටිය යුතු බවත් රට සුහුරු වීමට, ක්‍රමෝපායික වීමට නම් රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත්විය යුතු බවත් රජයට නොහැකි ඒ වගකීම තමා බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 39 වැනි අදියර යටතේ අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 39ක් සදහා රුපියල් ලක්ෂ 353ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...