ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම්!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය මේ සතියේ විදේශ අමාත්‍යාංශ දෙක අතර කොළඹ දී ජ්‍යෙෂ්ඨ නිල මට්ටමින් පැවැත්වෙන සමාරම්භක ද්විපාර්ශ්වික උපදේශනවලදී වෙළෙඳ ආයෝජන සහ සංචාරක ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍ර දේශපාලන සබඳතා ඉහළ නැංවීමට එකඟ වී තිබේ.

1948 ඔක්තෝම්බර් 27 වන දින පැවති ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීමේ කොටසක් ලෙස මෙය සැලකිය හැකිය.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, පවත්නා ව්‍යාපෘතිවල අඛණ්ඩ වැඩකටයුතුවලට සහාය වීම සහ දෙරට අතර හවුල්කාරිත්වයේ නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

දෙරට අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා 2023 ජූලි 28 වන දින කොළඹදී පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ පිළිබඳ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්නා ලදී.

දෙපාර්ශවයම දේශපාලන සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර ආරක්ෂක, සංස්කෘතික සහයෝගීතාවය සහ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය යන සාරධර්ම කෙරෙහි ඔවුන් කතාවට බඳුන් කරන ලදී.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ආර්ථික සහයෝගීතාවයට පහසුකම් සැලසීම සඳහා අදාළ ක්‍රමවේදයන් සැකසීම ඇතුළුව දෙරට අතර සහ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ සංවර්ධන සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව පාර්ශවයන් සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ භාෂාව ඉගැන්වීම සඳහා ප්‍රංශයේ සහාය
ලබා ගැනීම මෙන්ම උසස් අධ්‍යාපන ආයතන අතර අධ්‍යයන හා පර්යේෂණ හුවමාරුව තුළින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම කැපවී සිටිති.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ දී පැරිස් සමාජයේ අනුග්‍රහය ද ශ්‍රී ලංකාව අගය කරයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර සියලුම ණය හිමියන්ට සාධාරණ ලෙස සැලකීම සහතික කිරීමේ අවශ්‍යතාවය ගැන ද මෙහිදී සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...