දින හතරක බැඩිමින්ටන් වැඩ සටහනක් කලාවැව දි

Date:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ ප්‍රාදේශිය සංවර්ධන කටයුතු කමිටුව, සිය ප්‍රාදේශිය පුහුණුකරුවන් සහ සම්බන්ධීකරන නිලධාරින් පුහුණුකරන වැඩ සටහනක් කලාවැවදී සංවිධානය කර ඇත. ජාතික මිරිදිය ධීවර හා ජලජීවී වගා පුහුණු ආයතනය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන නේවාසික වැඩ මුළුව සඳහා සහභාගිවන පුහුණුකරුවන් සහ සම්බන්ධීකාරකයන් ඔක්තෝම්බර් 29 වන දින කොළඹ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මෙලනයෙන් පිටත්ව යන අතර වැඩමුළුවට අදාළ ක්‍රියාකාරකම් 30 දා සහ 31 දා පැවත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ ප්‍රාදේශීය පුහුණු වැඩසටහන් කමිටුවේ ප්‍රධානී රොෂාන් ගුණවර්ධන ගේ මෙහෙයවීමෙන් පැවත්වෙන මෙම වැඩ සටහනේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙන්ම මේ වන විට අදාළ දිස්ත්‍රික් පුහුණු සංචිතයන්හී ප්‍රවර්ධනය සහ පැන නැඟී ඇති ගැටළු ද සාකච්ඡාවට ගැනීමට නියමිතය.එහිදී පෝෂණය සහ ආබාධ සම්බන්ධයෙන් ද දිස්ත්‍රික් සංචිත පුහුණුකරුවන්ට සහ සම්බන්ධීකාරක ශිල්පීන්ට අවශ්‍ය දැණුම ලබා දීමට අවධානය යොමු කර ඇත.

මෙම නේවාසික වැඩ මුළුව නිමාවේ නොවැම්බර් 1 වන දින කලාවැවෙන් පිටත්ව කොළම බලා ඒමට නියමිත අතර 31 දා පැවත්වෙන සමාප්ත සමාචාර වැඩ සටහනට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිල්වා එක්වීමට නියමිතය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි

ඇඩොල්ෆ් විසිනි දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව...

ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : අද (30) පස්වරුවේ...

පවතින ආපදා තත්ත්වය මත විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : පවතින ආපදා තත්ත්වය...