වත්මන් ජනාධිපතිගේ මැතිවරණ පොරොන්දු දැනටමත් බිඳ වැටිලා – සජිත් ප්‍රේමදාස (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවේ දුන් බලාපොරොත්තු ඉටු කරන්න අපොහොසත් වී ඇති බවත් වැට් බදුු සෘජු හා වක්‍ර බදු අඩු කරනවා යැයි කීවත් ඒ සම්බන්ධයෙන් වූ IMF සාකච්ඡා පවා අසාර්ථක වී බදු අඩු කිරීමට නොහැකි වු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගය මහමැතිවරණයට පෙර විපක්ෂයේ සිට IMF සමග සාකච්ඡා කර එකගතාවට පැමිණි බවත් එම නිසා සෘජු බදු, වක්‍ර බදු අඩු කරන්නට තමාට හැකි බවත් වැට් එක ⁣උපයන විට බද්ද ආදි බදු අඩු කරන්න රජයට හැකියාවක් නොමැති වුවත් සමගි ජන බලවේගයට එවැනි හැකියාවත් ඇති බවත් හිටපු ජනාධිපතිවරයා අත්සන් කළ ජනතා විරෝධි IMF ගිවිසුම අහෝසි කර ජනතාවාදී ගිවිසුමකට යන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සේදවත්තේදී පැවැති ජන හමුවකදීය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව 2028 සිට එනම් වසර 4කින් ණය ගෙවීමට ගිවිසුම් අත්සන් කර ඇති බවත් මෙවැනි මන්දගාමී කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටකට එසේ වසර හතරකින් ණය ගෙවිය නොහැකි බවත් වසර හතරකින් ණය ගෙවන්න නම් වේගවත් ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ යන ආකාරයට ගියොත් 2028 මීටත් වඩා අමාරුවකට වැටෙන බවත් බදු බර අඩු කරන නව අයි එම් එෆ් ගිවිසුමකට යා හැක්කේ සමගි ජන බලවේගයට නිසා පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබා දෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

අද වන විට පෝලිම් යුගය නැවත නිර්මාණය වී ඇති බවත් බඩු මිල වැඩි වී භාණ්ඩ හිගවී පොල් ගෙඩියට පවා පේලිම් ඇති වී අසහනය පීඩනය වැඩිවී ඇති බවත් පැවසූ ඒ මහතා මේ ප්‍රපාතයෙන් ගොඩගන්න සමගි ජන බලවේගය සුදානම් බවත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...