අගමැතිනියට පොපි මලක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ (LNW):

අද (30) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පොපි මල පැළඳවීම සේවා මුක්ත භට සංගමයේ උප ලේකම් මන්ත්‍රී කොස්වත්ත මහත්මිය විසින් සිදු කර තිබෙන බව වාර්තා වේ.

පොපි මල් අළෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත හමුදා නිළධාරීන්ගේ සුභසාධනය සඳහා වෙන් කර තිබෙන බව සඳහන් වේ.

පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී මියගිය හමුදා සාමාජිකයින් අනුස්මරණය කරමින් පොපි සැමරුම සිදුකරන අතර, ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වනු ලබන බව සඳහන් වේ.

විශ්‍රාමික හා ආබාධිත හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් පොපිමලක් පළදින ලෙස මෙහිදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය, උප සභාපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ, භාණ්ඩාගාරික මේජර් චිල්ටන් ද සිල්වා, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සමාජික මේජර් සංජිත් විජේරත්න, පොපි කමිටු සමාජික අමිතා රෝහණ මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිට තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...