අස්ථි බිඳීම් සුව කිරීමට මිනිත්තු තුනක්? චීනයේ අද්භූත ‘Bone-02’ අලේපනය

Date:

ඕවින්දි විෂ්මිකා

ඔක්තෝබර් 30, ලෝකය (LNW):
චීන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉතාම කෙටි කාලයක් තුළ අස්ථි කැඩීම් සුවකළ හැකි නව සොයා ගැනීමක් අනාවරණය කර ඇත.ඒ මිනිත්තු තුනකින් අස්ථි බිඳීම් අලුත්වැඩියා කළ හැකි “අස්ථි මැලියම්” සම්බන්ධකයක් වේ.ඔවුන් නිවේදනය කර ඇති පරිදි එය නූතන වෛද්‍ය විද්‍යාවේ වඩාත් උද්යෝගිමත් වෛද්‍ය සොයාගැනීමක් වනවා නොඅනුමානයි.

Bone-02 ලෙස නම් කර ඇති මෙම මැලියම් සම්බන්ධකය කැඩුණු අස්ථි ඉක්මනින් හා ආරක්ෂිතව ලෙස එකට බැඳ තබන අතර සුවය ලැබීමත් සමඟ ශරීරය විසින් ස්වභාවිකව අවශෝෂණය කර ගනියි. විද්‍යාඥයින් කණ්ඩායම කළ අනාවරණය පරිදි එමගින් පෙර බද්ධ කිරීම් ඉවත් කිරීම සඳහා කිසිදු අයුරක දෙවන සැත්කමක් අවශ්‍ය නොවෙයි.


සොබාදහමෙන් පණ ලැබූ සොයාගැනීමක්

ෂෙජියැං පළාතේ පර්යේෂකයන් විසින් සංවර්ධනය කරන ලද සහ Sir Run Run Shaw රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය ලින් ෂියන්ෆෙන්ග් විසින් මෙහෙයවන ලද මෙම නවෝත්පාදනය අනපේක්ෂිත මූලාශ්‍රයකින් ආභාෂය ලබා ගත්තේය.ඒ දියෙහි වාසය කරන ඔයිස්ටර් ජීවින්ගෙන් වේ. මෙම සාගර ජීවීන් දිය යට මතුපිටට තදින් ඇලී සිටින ආකාරය ලින් නිරීක්ෂණය කළ අතර ශල්‍ය තුවාලයක අභියෝගාත්මක, රුධිරයෙන් පිරි පරිසරයක පවා ඒ තරම්ම තදින් ඇලී සිටිය හැකි ජෛව ද්‍රව්‍යයක් නිර්මාණය කිරීමට එම ස්වාභාවික මූලධර්මය භාවිතා කළේය.

“විනාඩි දෙක තුනක් ඇතුළත සාර්ථක අස්ථි සම්බන්ධයක් ලබා ගත හැක.” ලින් මහතා කියා සිටියේය.දේශීය මාධ්‍යය අමතමින් ඔහු පැහැදිලි කළේ Bone-02 සම්බන්ධකය ක්‍රියාත්මක වීම සඳහා වියළි පරිසරයක් හෝ ලෝහ උපාංග අවශ්‍ය නොවන බවයි.අස්ථි සුව වන විට මැලියම් ස්වභාවිකවම දිරාපත් වන අතර එමඟින් නැවත ශල්‍යකර්මයක අවශ්‍යතාවය නැතිවෙයි.

එය ක්‍රියා කරන්නේ කෙසේද?

අස්ථි මැලියම් යනු කාබනික සහ අකාබනික සංරචක ජාලයකින් සාදන ලද ද්විත්ව-ජෛව අනුකරණ ජෙල් (dual-biomimetic hydrogel) වර්ගයකි. එහි ප්‍රධාන සංයෝගිකයන් වන්නේ caffeic acid-grafted collagen (CAC), aminated laponite (ALAP) සහ tetra-PEG-SC ය. මෙම සංයෝග පද්ධතිය නම්‍යශීලී නමුත් ශක්තිමත් ද්‍රව්‍යයක් නිපදවීමට ඒකාබද්ධ වේ. එහි ප්‍රතිඵලයක් ලෙස එය දැඩි පීඩනයට ඔරොත්තු දිය හැකි 98% පීඩනයක් සහ 600% දක්වා දිග හැරීමක් ද දරාගත හැකි මැලියම් වර්ගයකි.

මෙම රසායනික සංයෝගය අස්ථි කොටස් සම්බන්ධ කිරීම පමණක් නොව නව අස්ථි වර්ධනය උත්තේජනය කිරීමේ හැකියාව ද පෙන්වයි.රසායනාගාර ප්‍රතිඵලවලින් පෙනී යන්නේ එය ඔක්සිකාරක ආතතිය අඩු කිරීමට සහ පටක පුනර්ජනනයට සහාය වන සහ දැවිල්ල අඩු කරන සෛලීය ක්‍රියාවලියක් වන M2 macrophage ක්‍රියාකාරිත්වය දිරිමත් කරන බවයි.

පූර්ව පරීක්ෂණ සහ සාර්ථක ප්‍රතිඵල

මේ දක්වා රසායනාගාර සහ සත්ව අත්හදා බැලීම්වල කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.පූර්ව සායනික පරීක්ෂණ වලදී Bone-02 සමඟ අලුත්වැඩියා කරන ලද සත්ව අස්ථි හා වෙළඳපොලේ පවතින සයනෝඇක්‍රිලේට් (cyanoacrylate) සම්ප්‍රදායික අලේපන භාවිත කළ අස්ථි සසදන විට එහි දෙගුණයකට වඩා ජෛව යාන්ත්‍රික ශක්තියක් පෙන්නුම් කළේය.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ මෙම නිෂ්පාදිතය දැනටමත් රෝගීන් 150 කට අධික සංඛ්‍යාවක් අතර පරීක්ෂා කර ඇති බවත් ආරක්ෂාව සහ කාර්ය සාධන දත්ත හොද මට්ටමක් පෙන්නුම් කරන බවත්ය. පරීක්ෂණවලදී අනාවරණය වූ ප්‍රතිඵලයන්ට අනුව එය එක් දිනක සාම්ප්‍රදායික ලෝහ බද්ධ කිරීම් සමඟ තරඟ කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට පවා හැකි බව යෝජනා කරයි.

ඉදිරි මාවත

සොයාගැනීම් සිත් ඇදගන්නා සුළු වුවත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ තාක්‍ෂණය පූර්ව සායනික අවධියේ පවතින බවත් එය පුළුල් ලෙස මිනිස් භාවිතය සඳහා තවමත් අනුමත කර නොමැති බවත්ය. සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමට පෙර වඩාත් පුළුල් සත්ව පරීක්ෂණ සහ නියාමන සමාලෝචන අවශ්‍ය වේ.

Bone-02 මිනිසුන් තුළ ඵලදායී හා ආරක්ෂිත බව ඔප්පු වුවහොත් එය අස්ථි බිඳීම් ප්‍රතිකාර නැවත අර්ථ දැක්විය හැකිය.විශේෂයෙන්ම බොහෝ කොටස් වලට කැඩී ගිය “comminuted fractures” සඳහා මෙවැනි අලේපනයක් ඉතා වැදගත් වේ.ශල්‍යකර්ම ක්‍රියා පටිපාටි සරල කිරීමෙන්, ආසාදන අවදානම අඩු කිරීමෙන් සහ ස්වාභාවික අස්ථි නැවත වර්ධනයට සහාය වීමෙන් මෙම “අස්ථි මැලියම්” සම්බන්ධකයට වේගවත්, අඩු ආක්‍රමණශීලී විකලාංග අලුත්වැඩියාවක නව යුගයක් උදා කළ හැකිය.

දැනට විද්‍යාව මග බලා සිටින්නේ බිඳුණු අස්ථි ලෝහයෙන් නොව මැලියම් වලින් සුව කළ හැකි අනාගතයකට ලෝකය සමීප වන ආකාරයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...

LAUGFS Power, Futurity සමඟ අත්වැල් බැඳගනිමින් ප්‍රථම වරට AI-සක්‍රීය වාර්ෂික වාර්තාවක් එළිදක්වයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : විවිධාංගීකරණය වූ LAUGFS...