බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් මිලියන ගණනක් මෙවර ඡන්දය වර්ජනය කිරීමට සැරසේ ?

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ තම පක්ෂය වන අවාමි ලීග් පක්ෂය ලබන වසරේ මැතිවරණයෙන් බැහැර කිරීම රට තුළ බෙදීම් ගැඹුරු කරනු ඇති බවත්, ඇගේ ආධාරකරුවන් මිලියන ගණනක් ඡන්දය වර්ජනය කිරීමට නියමිත සැරසෙන බව පලාගිය හිටපු නායිකා ෂෙයික් හසීනා ප්‍රකාශ කර තිබේ.

රොයිටර් පුවත් ඒජන්සියට විද්‍යුත් තැපෑලෙන් යවන ලද අදහස් දැක්වීමකදී හසීනා මේබව ප්‍රකාශ කර තිබු අතර 2024 අගෝස්තු මාසයේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් නැගිටීමකින් බලයෙන් පහ කිරීමෙන් පසු රටින් පලාගිය ඇය බලයේ සිටියදී රාජ්‍ය මර්දනය මඟින් පුද්ගලයන් 1400ක් මියයාමට එරෙහිව එරට අධිකරණය විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබේ.

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ අන්තර්කාලීන රජය පෙබරවාරි මාසයේ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර ජාතික ආරක්ෂක තර්ජන සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට එරෙහි යුද අපරාධ විමර්ශන උපුටා දක්මින් ත්‍රස්ත විරෝධී පනතට සංශෝධන යටතේ අවාමි ලීගය තහනම් කර ඇත.

අවාමි ලීගය සහ ප්‍රතිවාදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන 126 කට වඩා සිටින බංග්ලාදේශයේ දේශපාලනය දිගු කලක් සිට ආධිපත්‍යය දරා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...