බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් මිලියන ගණනක් මෙවර ඡන්දය වර්ජනය කිරීමට සැරසේ ?

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ තම පක්ෂය වන අවාමි ලීග් පක්ෂය ලබන වසරේ මැතිවරණයෙන් බැහැර කිරීම රට තුළ බෙදීම් ගැඹුරු කරනු ඇති බවත්, ඇගේ ආධාරකරුවන් මිලියන ගණනක් ඡන්දය වර්ජනය කිරීමට නියමිත සැරසෙන බව පලාගිය හිටපු නායිකා ෂෙයික් හසීනා ප්‍රකාශ කර තිබේ.

රොයිටර් පුවත් ඒජන්සියට විද්‍යුත් තැපෑලෙන් යවන ලද අදහස් දැක්වීමකදී හසීනා මේබව ප්‍රකාශ කර තිබු අතර 2024 අගෝස්තු මාසයේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් නැගිටීමකින් බලයෙන් පහ කිරීමෙන් පසු රටින් පලාගිය ඇය බලයේ සිටියදී රාජ්‍ය මර්දනය මඟින් පුද්ගලයන් 1400ක් මියයාමට එරෙහිව එරට අධිකරණය විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබේ.

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ අන්තර්කාලීන රජය පෙබරවාරි මාසයේ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර ජාතික ආරක්ෂක තර්ජන සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට එරෙහි යුද අපරාධ විමර්ශන උපුටා දක්මින් ත්‍රස්ත විරෝධී පනතට සංශෝධන යටතේ අවාමි ලීගය තහනම් කර ඇත.

අවාමි ලීගය සහ ප්‍රතිවාදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන 126 කට වඩා සිටින බංග්ලාදේශයේ දේශපාලනය දිගු කලක් සිට ආධිපත්‍යය දරා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...