දකුණු කොරියාවේ රැකියා ගැන සුබ ආරංචියක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

2025 වසරේ, ගතවූ මාස 10 තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3,253 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යංශය පැවසුවේ, දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 72 දෙනෙකු ඊයේ දිනයේ දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර එම කණ්ඩායමට තරුණියන් දෙදෙනෙකු ද ඇතුළත් වූ බවයි .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ෑ-9 වීසා කාණ්ඩය යටතේ එම රැකියා අවස්ථා හිමිව තිබේ.

දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා එමගින් හිමිවන අතර රැකියා අපේක්ෂිතයින් ඔන්ලයින් ක්‍රමයට තෝරාගෙන ඊට අදාල විභාගය ද ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, රැකියා ලාභීන්ට වසර 04යි මාස 10ක කාලයක් දකුණු කොරියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවන අතර නියමිත කාලය අවසන්ව මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ට යළි දකුණු කොරියාවට ඇතුළුවීමට අවසර හිමිවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...