කොළඹ අවටින් පිරිමි මෘත ශරීර තුනක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :


නාඳුනන පිරිමි මෘත ශරීර තුනක් සොයාගෙන තිබෙන අතර,ඒ මට්ටක්කුලිය සහ පමුණුගම ප්‍රදේශවලින් බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ අදාළ පොලිස් ස්ථානවලට ලද තොරතුරු මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝයකට අසල තිබී නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් හමුව තිබෙන බව සඳහන් වේ.

පොලිසිය පැවසුවේ, මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි .

අනෙක් පිරිමි මෘත ශරීරය පමුණුගම, එපාමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පිටුපස ඇති ඉඩමේ තිබී හමුව ඇත.

එම පුද්ගලයා අවසන් වරට හැඳසිට ඇත්තේ කළු පැහැති සරමක් හා ලානිල් පැහැති අත්කොට කමිසයක් වන බවත් ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර උස අඩි 05 අගල් 07ක් පමණ වන කෙට්ටු සිරුරකින් යුක්තව සිටි පුද්ගලයෙකු බවත් පොලිසිය පවසයි.

මෘත ශරීරය හදිසි මරණ පරික්ෂණයෙන් පසු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පමුණුගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...