තිරිඟු පිටි මිලත් අඩුවෙයි. එහෙත් පාන් මිලේ තවමත් වෙනසක් නෑ !

Date:

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 250ක් දක්වා අඩුවී ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කළේ පෙරේදා (28) සිට මෙම මිල අඩුවීම සිදුව ඇති බවයි.

දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය ඔස්සේ තිරිඟු පිටි ආනයනය කිරීමට රජය අවසර ලබාදීම නිසා මෙසේ මිල අඩුවී ඇති බව පැවසූ ඒ මහතා, ඒ අනුව එළඹෙන උත්සව සමය අවසන් වන තෙක්ම වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් මිල රු. 250 සීමාව තුළ පවත්වාගෙන යාමට හැකි බවත් සඳහන් කළේය.

ඒ අනුව, තිරිඟු පිටි මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදෙන ලෙස ඒ මහතා බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් බේකරි නිෂ්පාදනවල මිල මේ දක්වාම අඩුවීමක් සිදුව නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...

පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...