21 න් පසු කොමිෂන් සභා ස්වාධීන විය යුතුමය. සාමාජිකයන් පත්කිරීමේදී නුසුදුසු පුද්ගලයන් ඇතුළත් නොකළ යුතුය.

Date:

21 න් පසු කොමිෂන් සභා ස්වාධීන විය යුතුමය. සාමාජිකයන් පත්කිරීමේදී නුසුදුසු පුද්ගලයන් ඇතුළත් නොකළ යුතුය.

පසුගියදා සම්මත කරගත් 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත්කිරීමේදී  සමාජයේ පිළිගැනීමට හේතුවන අපක්‍ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කරගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂයන් මෙන්ම සිවිල් සමාජය ද සිය බලවත් අවධානය යොමු කලයුතුව තිබේ.

එමෙන්ම පසුගිය කාලයේ බලාත්මකව පැවැති ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කළ සාමාජිකයන් අතර සිටි එවැනි සුදුසුකම් සහිත දක්‍ෂ පුද්ගලයන් යළි පත්කරගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමුකරන ප්‍රමාණයටම දේශපාලන පක්‍ෂ ක්‍රියාකාරිත්වයන්හි නිරත වූ බවට පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ පුද්ගලයන් නැවත එවැනි තනතුරුවලට පත්කිරීමට කටයුතු නොකල යුතු බව ද අප අවධාරණය කරන්නෙමු.

පසුගිය කාලය තුළද මේ පිළිබඳව වන අපගේ ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් ලෙස අතීතයේදී පත්කරන ලද සියළුම සාමාජිකයන් ඉවත් කල යුතුව ඇතයි එහිදී අප කිසිවිටෙකත් ප්‍රකාශ කර නැත. ඒ අනුව එම කොමිෂන් සභාවන්හි සාමාජිකයන් ලෙස ද කටයුතු කර තිබෙන දක්‍ෂ, කීර්තිමත් හා අපක්‍ෂපාතී පුද්ගලයන් නැවතත් පත්කර ගැනීම සුදුසු බව අප ද විශ්වාස කරන අතරතුර පසුගිය කාලයේ බරපතළ චෝදනා එල්ල වූ කිසිවෙකුට හෝ එම අවස්ථාව හිමිවිය යුතු නැතයි ද එහිදී අපි අවධාරණය කරන්නෙමු.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සෑම ස්වාධීන කොමිෂන් සභාවක් සදහාම සාමාජිකයන් පත්කර ගතයුතුව ඇත්තේ එක් එක් දේශපාලන පක්‍ෂවල හෝ බලවතුන්ගේ අපේක්ෂා හා සිතැඟියාවන් අනුව නොව රටේ ඉදිරි යහපැවැත්ම උදෙසා සිය උපරිම කාර්‍ය්භාරය මනා ලෙස හැසිරවිය හැකි පුද්ගලයන් කෙරෙහි සැලකිලිමත් වෙමිනි. එහිදී තරුණ හා කාන්තා නියෝජනයක් අන්තර්ගත වීම ද අතිශයින්ම වැදගත්ය.

එය මේ රටේ දැනුම්වත් හා යුක්තිගරුක පුරවැසියන්ගේ මෙන්ම අනෙකුත් සිවිල් සමාජ ව්‍යාපාරයහී ද ස්ථාවරය වන බව රටේ වගකිවයුත්තන් මැනවින් අවබෝධ කරගැනීම වැදගත්ය .

කරු ජයසූරිය

සභාපති

සාධරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

28/10/2022

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...