*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

රත්නපුරේ අයට විවෘත වූ සැතපුමක්

රත්නපුර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය ප්‍රදේශයේ මැදි දුර ඉසව්වන් සඳහා වන ආකර්ශණය වැඩි කරගැනීමේ අපේක්ෂාවෙන් පවත්වන සැතපුම දිවීමේ තරගාවලියක් නොවැම්බර් මස 26 0ා පස්වරු 4.00 ට රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණය පිහිටි රත්නපුර නව නගරය ආශ්‍රීතව පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.නොවැම්බර් 19 දා ට පෙර මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර යුතු අතර සෑම අයදුම්පතක් සමඟම රුපියල් සියයක ඇතුළත්වීමේ ගාස්තුවක්ද ගෙවිය යුතුය.නොවැම්බර් 19 දාට පසුව අයදුම්පත් යොමු කිරීමේදී මීට වැඩි මුදලක් තරග අයදුම්කරුවන් විසින් ගෙවිය යුතු අතර එය රුපියල් 500 කි.
තරගාවලිය අවුරුදු 20 න් පහළ බාලක බාලිකා සහ විවෘත බාලක බාලිකා ලෙස කාණ්ඩ හතරක් යටතේ පැවත්වෙන අතර සෑම කාණ්ඩයකින්ම මුල් ස්ථාන ගන්නා හය දෙනෙකුට මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු සකසා ඇත.රුපියල් 5000/=,4000/=,3000/=,2500/=2000/= සහ 1500/= ලෙසින් ඒ අනුව ජයග්‍රාහකයන්ට ත්‍යාග මුදල් පිරිනැමේ.1999 දෙසැමබර් 31 දා ට පසුව උපන් අයට පමණක් අවුරුදු 20 න් පහළ තරග සඳහා ඉදිරිපත්වීමට හැකිය.රත්නපුර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයෙ ලේකම් (077 63 53 526),උප සභාපති (070 27 31 062) හෝ භාණ්ඩාගාරික ( 071 83 86925) යන අය ඇමතීමෙන් තරගාවලිය සම්බන්ධ වැඩි විස්තර ලබා ගැනීමට හැකිය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan