දීපාවලිය ඉන්දීය – ශ්‍රී ලංකා සමානතා පිළිඹිබු කෙරෙන සැමරුමක් – ජනපති රනිල්

Date:

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව පැවසීය.

දීපාවලි යනු එම සමානතා පිළිඹිබු කෙරෙන එක් අවස්ථාවක් බවත්, එය අද මුළු ලෝකයම සමරන උත්සවයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය විසින් (Colombo Expats Cultural Association) ඊයේ (29) පස්වරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයට එක් වෙමිනි.

දීපාවලි සැමරුම සියලුදෙනා එකට එක් කෙරෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතවරයා එකමුතුකම සහ සහයෝගීතාව සංකේතවත් කෙරෙන දීපාවලී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තූතිය පිරිනැමීය.

කොවිඩ් වසංගතය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අභියෝගකාරී තත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අඩු වරප්‍රසාදිත පවුල්වල දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් සංගමය ඉටුකරනු ලබන කාර්යභාරය ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් ඒ. බැනර්ජි (A. Banerjee) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව කාර්‍යක්ෂම කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලවල...

2026 Rolls Royce Motorhome – මීළඟ පරම්පරාවේ සැලසුම් සහ තාක්ෂණයෙන් අනූන අති සුඛෝපභෝගී RV රථය!

සටහන – පුලී දෙසැම්බර් 11, කොළඹ (LNW): 2026 රෝල්ස් රොයිස් මෝටර්හෝම්...

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද(11) දින, නුවරඑළිය...

ජනාධිපති ට්‍රම්ප් ඩොලර් මිලියනයක් වටිනා නව විසා කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...