කාගේවත් ඉල්ලීම් අහක දමන්නේ නැහැ.හැබැයි අයිසිං කරපු අයවැය එළියට දාලා වැඩකුත් නැහැ!

Date:

කොළඹ LNW:ඉදිරි අයවැය සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන නමුත් අයිසිං කරන ලද අයවැය ප්‍රතිපත්ති ලේඛනයන් රජය ඉවත් විය යුතු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නැවත අගාධයකට නොයා ස්ථිරසාර ආර්ථික වර්ධනයක් දක්වා යා හැකි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතුව ඇති බවයි සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ.

”2024 අයවැයෙන් ධන ආර්ථිකයකට යාමට තමයි මේ සැලසුම් කරන්නේ. කවුරු හරිම අයවැය පරාජය කරනවා නම් මේ පරාජය කරන්නේ ශ්‍රී ලංකාව. එවැනි අය ඉදිවී කියල මම විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍ය සේවකයෝ ඉන්නවා ලක්ෂ 14ක්. විශ්‍රාමිකයෝ ඉන්නවා ලක්ෂ 06ක්. රු. 100කින් වැඩිකරන්නත් කොච්චර මුදලක් ඕනද? මේ සියල්ල කළ යුතුයි. නමුත් රජය විසින් රාජ්‍ය ආදායමෙන් ඒ මුදල් හොයාගන්න ඕන. රට ස්ථාවරව ආපු ගමන උඩට ගෙනියන්න ඕන. ජනතාවගේ දුක බලන්න ඕනේ. අපි කිසිම ඉල්ලීමක් අහක දමන්නේ නැහැ. නැවත මේ රට ආගාධයකට යන්නේ නැතුව අයිසිං කරපු අයවැය ප්‍රතිපත්ති ලේඛනයන් අපි අයින් වෙන්න ඕනේ. ස්ථිරසාර ආර්ථික වර්ධනයකට යා හැකි අයවැය ලේඛනවලට තමයි අපි යා යුත්තේ.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...