ක්‍රිකට් කාලා වතුර බීපු “පර්සි අන්කල්” ගේ අවසන් ගමන!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):“පර්සි අන්කල්” කීව ගමන් ඕනිම ක්‍රිකට් ලෝලියෙක් වගේම ක්‍රීඩකයෙක් වුවද ඔහුව ඉක්මනින් හඳුනා ගන්නවා සැබෑවය. ඒ ඔහුගේ අපිරිමිත ක්‍රිකට් ක්‍රීඩාවට බැඳි ලැදියාව නිසාම ය.

වසර කිහිපයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නෙකු ලෙස ඕනෑම අස්සක් මුල්ලක් නෑර ඔහු ගියේය. නමින් පර්සි අබේසේකර වුවත් ඔහුව හඳුන්වන්නේ “පර්සි අන්කල්” නමින්ය.

වර්ෂ 1936 ජූලි 30 වැනි දින ගාල්ල බූස්ස දී උපත ලද ඔහු අද දින එනම් ඔක්තෝබර් 30 වන දින අභාවප්‍රාප්ත වූ බව අපි කණගාටුවෙන් දැනුම් දෙමු.

රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු අසූ හත පසු කරමින් තම දිවි සැරිය මෙසේ නිම කළේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් කියාසිටි බව දැනුම් දී තිබේ.

Good Bye…”පර්සි අන්කල්”