ක්‍රිකට් කාලා වතුර බීපු “පර්සි අන්කල්” ගේ අවසන් ගමන!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):“පර්සි අන්කල්” කීව ගමන් ඕනිම ක්‍රිකට් ලෝලියෙක් වගේම ක්‍රීඩකයෙක් වුවද ඔහුව ඉක්මනින් හඳුනා ගන්නවා සැබෑවය. ඒ ඔහුගේ අපිරිමිත ක්‍රිකට් ක්‍රීඩාවට බැඳි ලැදියාව නිසාම ය.

වසර කිහිපයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නෙකු ලෙස ඕනෑම අස්සක් මුල්ලක් නෑර ඔහු ගියේය. නමින් පර්සි අබේසේකර වුවත් ඔහුව හඳුන්වන්නේ “පර්සි අන්කල්” නමින්ය.

වර්ෂ 1936 ජූලි 30 වැනි දින ගාල්ල බූස්ස දී උපත ලද ඔහු අද දින එනම් ඔක්තෝබර් 30 වන දින අභාවප්‍රාප්ත වූ බව අපි කණගාටුවෙන් දැනුම් දෙමු.

රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු අසූ හත පසු කරමින් තම දිවි සැරිය මෙසේ නිම කළේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් කියාසිටි බව දැනුම් දී තිබේ.

Good Bye…”පර්සි අන්කල්”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍රයක් ලංකාවේදී රුපියල් 1000 ට දීලා තව 100000 ක් හොයන්න බැරිද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවා හැරේ

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත...

අපි ඉපදිලා තියෙන්නෙ හරි අවුල් තැනක ….

අද වීඩියෝවක් ශෙයා වෙනව දැක්කා, ඒක පිලිපීනෙ මහල් නිවාසයක...

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු 100% කින් ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල අද (12) සිට වහාම ක්‍රියාත්මක වන...