මැච් එක නෙමෙයි පිච් එක ගැන වැඩියෙන් හිතමු

Date:

ලංකාවෙ වොලිබෝල් වර්ණවත් කළේ වෙළද සේවා වොලිබෝල් තරගාවලිය.සුසිල් රණසිංහ කියන මහා සංවිධායකයට ජාතික මට්ටමේ වොලිබෝල් තරගාවලි විනයකට හැඩයකට රහට සැළසුම් කරන්න හොඳ හැකියාවක් තිබුණා.ඔහු ඒ වෙනුවෙන් මැරෙනවා.තියෙන සම්පත් ටිකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.ඔක්කොම වොලිබෝල් කේෂ්ත්‍රයේ රණසිංහ මහත්තයට බයයි.ඒක බොහෝ විට ගෞරවණීය භයක්.ඒ නිසා දෙන වගකීම ටක්කෙටම කරන්න බලන්නෙ.

දක්ෂතම ක්‍රීඩිකාව සුපර් ලීග්


සුසිල් රණසිංහ මේ තේ හැන්දෙන් දාන සෙල්ලම් පස්සෙ රොහාන් සෝමවංශ වෙළද සේවා වොලිබෝල් සංගමයෙ සභාපති වුණාට පස්සෙ පොල්කටු හැන්දෙන් දාන තරගාවලියක් වුණා.ඒක ඇත්තටම පොහොසත් වැඩක්.සම්පත් ඇත් වෙන්න තිබුණා.පළමුවරට ඒ තරගාවලිය පවත්වන මොහොතෙ ඒ සංගමයට සමහර අයව හේත්තු කරන්නත් තල්ලුව දීපු මේ ලියුම්කරු එතනම වගෙ වැටිලා හිටියා.ඒක අපූරු අත්දැකීමක්.ඊට පස්සෙ ටික ටික සංගම් වෙනස් වුණා.හැදිණීම් වෙනස් වුණා.ඒත් තරගයෙ පාට හරි ලස්සනට තිබුණා.එතැන තියෙන්නෙ සාපේක්ෂව සම්පත් සපිරි තැනක් වීමේ වෙනස.

දක්ෂතම ක්‍රීඩක⁣යා සුපර් ලීග්


මහරගම තරුණ සේවා සභාව දිගටම එළිය කළ මේ තරගාවලියේ මේ වසරේ තරගත් හරි හැඩට අභිමානයට සංවිධානය වෙලා තිබුණත් චුට්ටක් විතර දිය වුණා.පාට අඩු වුණා.ඒකට ඉතිං වෙළද සේවා එකට දොස් කියන්න බැහැ.මහරගම තරුණ සේවා සභාවේ වියැකී යාම තමයි පේන්න තිබුණෙ.ඒ වයසට අලුත්වැඩියාවක් ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕනි.නමුත් ඒක මඟ හැරිලා.


ලංකාවෙ වොලිබෝලයට විශිෂ්ඨ ජයග්‍රහණ ගේන්න මඟ පාදපු තැනක් තරුණ සේවා පිටිය.සමහර වෙලාවට ජාතික කණ්ඩායම් සංචිතගත වෙලා තිබුණෙ මේ පොළවෙ.අමතක කරන්නම බැරි ජයග්‍රහණයක් වන 91 දකුණු ආසියාතික රන් පදක්කම ගන්න මේ පොළව ඒ කණ්ඩායමට දුන්න සහයෝගය විශ්වාස කරන්න බැහැ.
තරුණ සේවා සභාවට ආඩම්බර වෙන්න පුළුවන් වර්ථමානයක මේ ඉන්නෙ.ඕක හදන වෙලාවේ දේශපාලන නායකත්වය දුන්න තරුණ ඇමතිවරයා අද වියපත්ව සිය දේශපාලනයේ යා හැකි උපරිමයට පැමිණ රටේ ජනාධිපති වෙලා.එවැනි මොහොතක ලස්සනට සංවිධානය කරපු තරගාවලියක් අතරෙ වැසි දියෙන් ගෘහස්ත ක්‍රීඩාංගණ තෙත්වීම තමන්ගෙ නමට උප්පැන්නය ලියවුණ දරුවෙක්ට කරදරයක් වුණ ගාණට රනිල්ට දැනෙන්න ඕනි. ඒ පිය හැඟුමෙන් ඇස් තෙත් වෙන තරම් දැඬි වුණත් පුදුම වෙන්න දෙයක් නැහැ.


මේ ගැන මේ පොළව ගැන ඇත්තටම කඳුළු එන තරමට ආදරේ ඇති සෑහෙන්න කැටයම් දාපු ඉතිහාසයකට උරුමකම් කියන සටහනේ උඩ නම ලියවුණු සුසිල් රණසිංහ සුබවාදීව හෙට දවස දිහා බලලා ලියපු සටහනක් තබා තිබුණා.ඒ අනුව වත්මන් ජාතික තරුණ සේවා සභාපතිවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමට නායකත්වය දුන්න කෙනෙක්.ඒ නිසා මේ දේ දැක්කම ඔහුගෙත් ඇඟේ ලේ උණු වෙන්න ඕනි නිසා ජාතික ක්‍රීඩාව ජාතික තරුණ සේවා පිටියෙන් ආදාහනය කිරීමට වැඩ කටයුතු සිද්ධ නොවී ප්‍රතිසංස්කරණයකින් නැවත උපද්දවා ගනියි කියා හිතෙනවා.ඒ වගෙම පාසල් වොලිබෝල් පුහුණුකරුවන් හෝ ගෙන තරුණ සේවා සභාවට අනුයුක්ත කර නැවත වොලිබෝල් ක්‍රීඩාව ආරම්භ කරන්න කටයුතු කරයි කියලත් හිතෙනවා.තරුණ සේවා සභාවෙම ක්‍රීඩා කර ගුරුවරු වූ අය වගෙම තරුණ සේවා නිලධාරීන් පසුව ගුරුකමට යොමු කරපු ඉතිහාසයකුත් තියෙන නිසා ජනාධිපතිවරයා වුණත් මේ වැඩේ දී රිවස් ගියර් එකට නොයා වැඩේ ඉදිරියට රැඟෙන යාමට ආශිර්වාදය දෙයි කියා හිතන්න පුළුවන්.


තරගාවලිය ගැන ජයග්‍රාහකයන් සම්බන්ධයෙන් තබන සටහන සුළු කර මේ සටහනට බර දැමීමයි වැදගත්.මේ ජාතික ක්‍රීඩාවට ජාතික ආරක්ෂාව වගෙ පහසුකම් තියෙන පොළව නොරැකුණොත් හැඳෙන වොලිබෝල් වීරයන්ට රැකවරණය දෙන ප්‍රබලම තැනක් රටට අහිමි වෙනවා.ඒ නිසා තරගාවලියේ අවසාන ප්‍රතිපල ගැන සහ ජයග්‍රාහී කණ්ඩායම් ගැනත් මේ සමඟ ඇති ඡායාරූප විදිහට පළවන සටහන්වලින් කියවා ගැනීමට ඉඩ සළසා නැවත නැවතත් ඉල්ලා සිටින්නේ වොලිබෝල් ජාතික ක්‍රීඩාවට ජාතක තරුණ සේවා සභාවේ රැකවරණයේ ඇති වී තිබෙන පළුදු වහාම පාස්සා අලුත් වැදගත් පොළවක් බවට පත් කරන්නයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය