සටහන – රුවන් නෙළුගොල්ල
මීගොඩ, බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද (ඔක්තෝබර් 31) දිනයේ අලුයම කිසිවකු විසින් වෙඩිතබා ඇති බව වාර්තා වේ.
වෙඩික්කරු අදාළ නිවසට වෙඩි ප්‍රහාර 04ක් එල්ල කර පළාගොස් ඇති බව සඳහන්.
කෙසේවෙතත් නිවසේ සිටි කිසිවකුට වෙඩි වැදී නොමැති බවයි පොලීසිය පවසන්නේ.
අදාළ ව්‍යාපාරිකයාව බියවැද්දීම සඳහා මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි සැක කෙරෙන අතර මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
RN