ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල මාසික වේතනයට එක් කරන්න – හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමති

Date:

කොළඹ LNW:ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල මාසික වේතනයට එකතු කරන ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

පසුගිය ආණ්ඩුව විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මාසික වේතනයට එක්කිරීමට තීරණය කර තිබුණු බවයි තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ.

ආහාර සලාක මුදල ඔවුන්ගේ වැටුපට එක්කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් නිරන්තර ඉල්ලීම් පැවති අතර ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම ඉටුකිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර තිබෙන හෙයින් වත්මන් ආණ්ඩුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා සිවිල් ආරක්ෂක බලකායට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

තවද ත්‍රිවිධ හමුදා සාමජිකයන්ට සහ සිවිල් ආරක්ෂක බලාකායේ සාමජිකයන්ට වත්මන් වැටුප් ක්‍රමය සංශෝධනය කරමින් ඔවුන්ගේ වැටුප ජීවනාලිය ශක්තිමත් කර ගැනීමට හැකි අයුරින් වත්මන් ආර්ථිකය අනුව වැඩි කිරීමටද කටයුතු කළ බවත් ඒ අනුව යමින් වත්මන් රජයද, ජාතියට මහඟු සේවයක් ඉටුකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප ඔවුන්ට ජීවත්වීමට සරිලන ලෙස වැඩිකර දෙන ලෙසද තෙන්නකෝන් මහතා තවදුරටත් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...