ඉකුත් සමයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා ගැන දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :

අද (31) දිනයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති ආශ්‍රිව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන බව නිවාස හා ඉදිකිරීම් ආමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ඒ අනුවඅමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය කාලයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් අද සිට දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන ආරම්භ කරන බවයි.

එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක නිවාස ආධාර මුදලක් ගෙවිය යුතු වුවත් ඇතැම් පුද්ගලයින්ට එම ණය මුදල් නිසි ලෙස ලබා දී නොමැති බවත්, එසේම නිවාස ආධාර ලබාදීමේදී නුසුදුස්සන් අතට එම ආධාර මුදල් පත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ එවක වගකීම් දැරූ නිලධාරීන්ගෙන්ද කරුණු විමසීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, ඇතැම් නිවාස ව්‍යාපෘති ඉදිකළ ප්‍රදේශ සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බවද කියා සිටියේය.

මෙම නිවාස ආධාර යෝජනා ක්‍රම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සැබෑ ලෙසම ආසාධාරණයට ලක්වූ පිරිස් සඳහා සහන සැලසීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...