- රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් 2024 අයවැයෙන් ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: පෞද්ගලික අංශය ද එය එසේම කරන මෙන් ඉල්ලා සිටියි.
- යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
- තාක්ෂණික සහ කලමනාකරණ ගැටළු මත ප්‍රතිලාභ සඳහා තෝරා නොගත් “අස්වැසුම” අයදුම්කරුවන් නොවැම්බර් 6 සිට 12 දක්වා “අස්වැසුම” සතිය තුළදී නැවත පරීක්ෂාවට ලක් කර සුදුසුකම් ඇති පුද්ගලයන්ට 2023 ජූලි මාසයේ සිට ක්‍රියාත්මකවන පරිදි ප්‍රතිලාභ ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි: 2023 අගෝස්තු සඳහා “අස්වැසුම” ගෙවීම් නොවැම්බර් 01 වන දින ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කෙරෙන අතර, 2023 සැප්තැම්බර් සඳහා දීමනාව 2023 නොවැම්බර් සිට බැර කෙරෙනු ඇති බව ද පවසයි.
- ශ්‍රී ලංකාවට තවමත් එහි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමයක් නොමැති බවට හා ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු ණය ගෙවීම නැවත ආරම්භ කරන විට විදේශ විනිමය ගලා ඒම පවතින සීමිත ගලා ඒමට වඩා වැඩි වනු ඇති බවට ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු විසින් ගෙන එන අදහස හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන ගෙනහැර පායි: විනිමය අනුපාතිකය ඕනෑම අවස්ථාවක කඩා වැටීමට පටන් ගත හැකි බව හැඟී යන බව පෙන්වා දෙයි.
- ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් (immunoglobulin) කුප්පි 22,500ක් ආනයනය කළ බවට චෝදනා එල්ල වූ සමාගමේ හිමිකරුට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනමක් පනවයි: ආනයනය අනුමත කළ ඉහළම රජයේ සේවකයන් දෙදෙනාට ද ගමන් තහනමක් පනවයි.
- 2028 දී කල් පිරෙන රු. බිලියන 22.5 කින් සහ 2031 දී කල් පිරෙන රු. බිලියන 22.5 කින් සමන්විත රු. බිලියන 45 ක භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම සඳහා වූ වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ ණය කාර්යාලය සියලු ලංසු ප්‍රතික්ෂේප කරයි: මෙම ප්‍රතිචාරය සෘණාත්මක බව වෙළඳපොල සහභාගීවන්නහු පවසති.
- තම ආයතනය සතු සියලු රුධිර වර්ගලවල උග්‍ර හිඟයක් පවතින අතර, එම හිඟය රෝහලට නියමිත සැත්කම් සිදු කිරීමට ඇති හැකියාවට සැලකිය යුතු ලෙස බලපෑම් කරන බව යාපනයේ රුධිර බැංකුව දැනුම් දෙයි.
- දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් ඔක්තෝම්බර් 30 වැනිදා සවස් වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කළ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
- ICC ලෝක කුසලාන 2023 කණ්ඩායම් මට්ටමේ තරඟයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය හමුවේ කඩුලු 7කින් පරාජයට පත්වෙයි: ශ්‍රී ලංකාව – 241 (පන්දුවාර 49.3): පැතුම් නිශ්ශංක – 46, කුසල් මෙන්ඩිස් – 39, සධීර සමරවික්‍රම – 36; ඇෆ්ගනිස්ථානය – 242/3 (පන්දුවාර 45.2): ඩිල්ෂාන් මධුශංක – 48/2.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා තුර වැඩිම ජනප්‍රියත්වයක් සහ ජනාදරයක් ඉසිලි, මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නකු වූ පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි: මියයන විට ඒ මහතා 87 වන වියේ පසුවිය.
