ඩෙංගු අවදානම ඉහළට! කලාප 24ක අධිඅවදානම් තත්ත්වයක්!

0
193

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට රට පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැටඅටදහස් එකසිය දාහතරක් (68114) වන බවත් , ඒ අනුව රට තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කලාප 24ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව, එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

මේ මාසයේ ( ඔක්තෝබර්) මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තුන්දාස් හයසිය තිස් එකක් (3631) බව සඳහන් වේ.

ඒ අනුව එම සංඛ්‍යාව පසුගිය මාසයේ (සැප්තැම්බර්) වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??