ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීමට UNFPA හි සහය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ (LNW):

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කර ඇති අතර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීමට UNFPA හි සහය ලබා දෙන බව ද ඒ මහතා පැවසූ බව සඳහන් වේ.

මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තාවන්ගේ ආර්ථික කටයුතු, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා පෝෂණය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇත. අධ්‍යාපනය සඳහා කාන්තා සහභාගිත්වය සතුටුදායක මට්ටමක පවතින අතරම, තීරණ ගැනීමේ භූමිකාවන්හි ඔවුන්ගේ මැදිහත්වීම වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන් බව පැවසේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ශ්‍රී ලංකාවේ UNFPA නියෝජනය කරමින් හවුල්කාරිත්ව සහ උපදේශන විශ්ලේෂක අනුෂිකා අමරසිංහ, ජාතික වැඩසටහන් විශ්ලේෂක – ස්ත්‍රී පුරුෂ සමාජභාවය/GBV බිමලී අමරසේකර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර යන මහත්ම මහත්මීන් සහභාගි වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...