ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක පත් කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා වශයෙන් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පත්කර තිබේ.

ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා Axiata සමූහයේ විදුලි සංදේශ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරමින් සිටි අතර මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ කාම්බෝජයේ මෙහෙයුම් අධීක්ෂණය කරමින් සිටියේය.

නව රජයේ ආරාධනය පිළිගනිමින් ඒ මහතා එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර 2025 ජනවාරි 25 වනදා සිට Axiata සමූහයෙන් ඉවත්වන බව දැනුම් දී ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ මූලික පියවරක් වශයෙන් හාන්ස් විජේසූරිය මහතාව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා වශයෙන් පත් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...