ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක පත් කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා වශයෙන් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පත්කර තිබේ.

ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා Axiata සමූහයේ විදුලි සංදේශ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරමින් සිටි අතර මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ කාම්බෝජයේ මෙහෙයුම් අධීක්ෂණය කරමින් සිටියේය.

නව රජයේ ආරාධනය පිළිගනිමින් ඒ මහතා එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර 2025 ජනවාරි 25 වනදා සිට Axiata සමූහයෙන් ඉවත්වන බව දැනුම් දී ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ මූලික පියවරක් වශයෙන් හාන්ස් විජේසූරිය මහතාව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා වශයෙන් පත් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...