හිටපු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පොප් තරුවක් සමඟ පැටලෙයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ඇමරිකානු පොප් තරුවක් වන කේටි පෙරී නිල වශයෙන් සිය ප්‍රේම සම්බන්ධතාව පිළිබඳව මාධ්‍ය වෙත හෙළි දරවු කර තිබේ.

පසුගිය සති අන්තයේ පැරිසියේදී ඔවුන් පෙරීගේ 41 වන උපන්දිනය සමරමින් සිටියදි මේ බව ප්‍රකාශ කර තිබිණ.

53 හැවිරිදි ජස්ටින් ටෲඩෝ 2023 වසරේදී සිය නිත්‍යානුකුල බිරිදන්ගෙන් ඉවත් වී ඇති අතර සිය ජනප්‍රියත්වය පහත වැටීමෙන් පසු මේ වසර මුලදී දේශපාලනයෙන් ඉල්ලා අස්වීමට ද සිදු විය.

පෙරී ද ඒ හා සමානව පසුගිය වසරේ අනවශ්‍ය මාතෘකා රැසකට මුහුණ දී සිටි අතර ඇයගේ මෑත කාලීන ඇල්බමය හා බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ ගුවන් ගමනක යෙදීම් හේතුවෙන් සමච්චලයට ලක් වූ අතර, ඇය සහ නළු ඔර්ලන්ඩෝ බ්ලූම් දශකයකට ආසන්න කාලයක් එකට සිටීමෙන් පසු ඔවුන්ගේ වෙන්වීම නිවේදනය කර තිබිණි.

හේ කෙසේ නමුත් ජස්ටින් ටෲඩෝ හා කේටි පෙරීගේ පෙම් පලහිලවුව ඔවුන් දෙදෙනාට අනපේක්ෂිත ආකාරයකින් නැවත සන්නාමගත කිරීමක් වශයෙනුයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් හඳුන්වා තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...