තේ කර්මාන්තයේ නියැළෙන ජනතාවට ඉතා යහපත් ජීවන තත්වයක් උදාකර දෙනවා – සජිත්

Date:

තේ කර්මාන්තයේ නියැළන කඳුකරයේ කම්කරු ජනතාවට ඉතා යහපත් ජීවන තත්වයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගය කැපවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“කඳුරට ජනතාව හැමදාම කම්කරුවන් ලෙස තබා ගන්නටයි ඇතැමුන් කැමති. එත් එය නෙමෙයි කළ යුත්තේ. සමගි ජන බලවේගය රජයක් යටතේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අපි සූදානම්. කඳුකරයේ තේ කර්මාන්තයට දහඩිය හෙළණ ඔබට ඉතා යහපත් ජීවන තත්ත්වයක් උදා කරදීම වෙනුවෙන් කැපවීමට අප සුදානම්. එය නිසි සැලසුමක් මත, ගැටළු හඳුනාගෙන ක්‍රියාත්මකවීම තුළින් සපුරාගත හැකීයි. එදා වතුකරයේ ජීවත්වන ජනතාව කුඩා තේ වතුහිමියන් බවට පත් කළ යුතු යැයි පැවසුවේ පදනමක් ඇතිවයි. එය අදටත් වලංගුයි. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කඳුරට ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව විශාල අවබෝධයකින් ක්‍රියා කළා. එතුමා ඔබට පුරවැසිභාවය ලබාදීම වෙනුවෙන් කැපවුනේ ඔබේ වටිනාකම හඳුනාගත් අයෙකු වීම නිසයි.”

තමන් එදා ජනාධිපතිධුරය හෝ අගමැතිධුරය භාර ගත්තානම් පොහොට්ටුවේ රැකවලෙකු වන්නට සිදු වන බවත්, ජාතිවාදී ආගම්වාදී කල්ලියකට නතු වන්නට සිදුවන බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, තමන් කිසි විටෙකත් එවැන්නකට සූදානම් නොවූ බවද ප්‍රකාශ කළා. සියල්ලට වඩා තමන්ගේ ආත්ම ගෞරවය තමන්ට වටින බව පැවසූ, සජිත් ප්‍රේමදාස මහතා, තනතුරුවලට ආත්මය පාවා නොදෙන ගමනක තමන් නිරතවී සිටින බවද ප්‍රකාශ කළා.

දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ, නුවරඑළිය හැටන් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (30) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රීක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා මෙය සංවිධානය කර තිබූ අතර ඊට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාත්, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...