වෘත්තීයවේදීන්ගේ විරෝධය: නිලධාරීන් එක්ක සාකච්ජා කරනවා නම් මෙන්න අලුත්ම ක්‍රමය!

Date:

කොළඹ LNW: වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (01) දහවල් මුදල් අමාත්‍යංශය පිවිසුම් මාර්ගය අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

බදු ප්‍රශ්නය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එය සංවිධානය කර තිබුණු අතර විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශයට පිවිසෙන ලේක්හවුස් හංදිය අසල විරෝධතාවේ නිරත විය.

අනතුරුව විරෝධතා පාගමන මුදල් අමාත්‍යාංශය දෙසට යාමට සූදානම් වීමත් සමඟ පොලීසියෙන් ඊට බාධා එල්ල වූයේ එම මාර්ගයට පිවිසීමට අවස්ථාව දිය නොහැකි බව පවසමිනි.

ඒ අනුව වෘත්තිකයින්ගේ කණ්ඩායමකට අමාත්‍යාංශ නිලධාරීන් හමු වී සාකච්ජාවකට යාමට අවස්ථාව දී තිබුණු නමුත් වෘත්තිකයින් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ නිලධාරීන්ට තමන් සිටින ස්ථානය පැමිණ එම සාකච්ජාව සිදුකරන් ලෙසයි.

ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අදාළ නිලධාරීන්ට පැමිණීමට වී. 10ක පමණ කාලයක් ලබා දී තිබේ.

අනතුරුව එම නිලධාරීන් වෘත්තියවේදීන් විරෝධතාවේ යෙදී සිටි ස්ථානයට පැමිණ මාධ්‍ය ඉදිරිපිටදීම සාකච්ජාව පැවැත්වූ අතර අදාළ ඉල්ලීම් විෂයභාර අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකරන බවට ප්‍රකාශ කර තිබුණි.

උක්ත සාකච්ජාව අවසන් වන තෙක් පොලීසිය විසින් විරෝධතාකරුවන් වටකරගෙන සිටින ආකාරය ද දක්නට ලැබුණි.

මෙම විරෝධයට අද කඳුළු ගෑස්,ජාල ප්‍රහාර එල්ල වීමක්ද සිදු නොවුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/621/Say%20No%20To%20Unfair%20Tax


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...