සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹට සංවිධානය කළ පා ගමන අතරතුර එය සංවිධානය කළ ස්වාමීන් වහන්සේ ඇතුළු 6 දෙනෙක් පොලීසිය විසින් ගෙන තිබේ.
කෙසේ වෙතත් පාගමන ආරම්භයේදීම පොලිසිය විසින් පාගමන ක්රියාත්මක නොකරන ලෙස දැනුම් දීමක් සිදුකර ඇති අතර , එහිදී කලහකාරී ලෙස හැසිරුණු විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු පිරිසක් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඔවුන් මේ වන විට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව වාර්තා වෙයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??