ජෝ බයිඩන්ගෙන් ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුට දුරකථන ඇමතුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු සමග දුරකථන ඇමතුමක් ලබා දෙමින් ගාසා තීරයට ආධාර සැපයීම ගැන සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් වන අනෙකුත් ප්‍රධාන කරුණු අතර, ගාසා තීරයේ සහ ගැටුම්කාරී ප්‍රදේශයන් සඳහා ආධාර ලබාදීම වේගවත් කිරීමේ ක්‍රම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවද වාර්තා වේ.

ඊශ්‍රායලය තම පුරවැසියන් ආරක්ෂා කරන අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන බැවින් සිවිල් ජීවිත ආරක්ෂා කිරීමේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කරන බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

එහිදී පලස්තීනුවන් ගාසා තීරයෙන් පිටතදී බලහත්කාරයෙන් අවතැන් නොකළ යුතු බවට එකඟ වූ ජනාධිපතිවරයා, ස්වාධීන පලස්තීන ජාතියක් නිර්මාණය කිරීම ඇතුළත් කල්පවත්නා සහ තිරසාර සාමයක්ද ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...