ඇමති ප්‍රසන්නගේ පෙත්සම ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිටවූ සිරදඬුවම අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංග මහතා විසින් පෙත්සමක් ගොනුකර තිබූ අතර, එම අභියාචනා පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (01) තීන්දු කර ඇත.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ ඇති අතර, අදාළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස, ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

එම මෝසම සලකා බැලු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අදාළ අභියාචනා පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියෝග කර ඇති අතර, අදාළ පෙත්සම විභාග කිරීම සඳහා සෝභිත රාජකරුණා, ඩී.එන්. සමරකෝන්, සම්පත් අබේකෝන්, ඛේමා ස්වර්ණාධිපති සහ පී. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

අදාළ පෙත්සම මේ මස 20 වනදා විභාගය සඳහා කැඳවීමට නියමිතය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 02ක සිරදඬුවමක් නියම කොට එය වසර 05කට අත්හිටුවීමට තීන්දු කර තිබුණි.

තවද, රුපියල් මිලියන 25ක දඩයක් ද නියම කෙරුණු අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ මහාධිකරණය විසින් ප්‍රසන්න රණතුංග මහතාට නියම කර තිබුණි.

ඉහත දැක්වූ උක්ත කරුණු වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා , ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත ගොනු කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...