හදිසි ඖෂධ මිලදී ගැනීම් නැවතීමට ඇමති රමේෂ්ගෙන් උපදෙස් !

0
302

හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම නතර කරන ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම, මින් ඉදිරියට ලියාපදිංචි ඖෂධ පමණක් මිලට ගන්නා ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

අත්‍යාවශ්‍යම අවස්ථාවක පමණක්, ලියාපදිංචි නොවූ ඖෂධ පිළිබඳ දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගෙන මිලදී ගැනීම් සිදුකරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනවල නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග අද (01) පැවති සාකච්ඡාවකදී ය.

RN