ජනපති අනුර සහ සන්තෝෂ් ජා අතර හමුවක්. මෙරට ක්‍රියාත්මක ඉන්දීය ව්‍යාපෘති ගැන අවධානය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (නොවැම්බර් 01) පස්වරුවේ පැවැත්වී තිබේ.

ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කෙරනු අතර එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ ද අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරටේම ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා අවබෝධ කරගනිමින් සහයෝගීතා වැඩසටහනක් ඔස්සේ දීර්ඝකාලීන විසඳුමකට එළැඹීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටළු පිළිබඳව ද අවධානය යොමු වූ අතර ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා සුරැකීමට තමන් සෑම විටම කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ බවත් ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා ද මෙම හමුවට එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...