තර්ජනය කිරීමක් මුල් කරගෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක්!

0
751

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):

පැය 24ක සංකේත වැඩවර්ජනයක් , ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වලකාගොඩ මහතා පැවසීය.