ගූගල් සමා­ග­මට පැනවූ අරුම පුදුම දඩය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක (Russian Court Penalizes Google $20,000,000,000,000,000,000,000,000,000,000,000) දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ, මේ ගණ­නය ඉල­ක්ක­මින් සඳ­හන් කරද්දී එය බිංදු 33ක අග­යක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමා­ණයේ විශාල අග­ය­කින් යුතු එම දඩ මුදල සමස්ත ලෝක­යේම දළ දේශීය නිෂ්පා­දි­ත­යට වඩා වැඩි බවත්ය.

තවද, ගූගල් සමා­ගම ලොව ධන­වත්ම සමා­ග­මක් ලෙස ප්‍රකට වුවද එහි මුළු වටි­නා­කම පවා ඩොලර් ට්‍රිලි­යන 3කට ආසන්න බවත්, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ මුළු වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 110ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළ අතර, රුසි­යානු අධි­ක­ර­ණය විසින් පන­වනු ලැබූ එම අති­වි­ශාල දඩ මුදල ප්‍රකාශ කිරී­මට පවා අසීරු බව රුසි­යානු ජනා­ධි­පති මන්දි­රයේ ප්‍රකා­ශක දිමිත්‍රි පෙස්කොව් සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.

එහෙත් මේ නඩු තීන්දුව පිළි­බඳ ගූගල් සමා­ගම දැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුව ඇතැයි ද ඔහු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇති අතර, මේ පිළි­බඳ ගූගල් සමා­ගම මෙතෙක් කිසිදු ප්‍රති­චා­ර­යක් දක්වා නැති බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...