පාපැදිකරුවන්ට නීති දැඩි කළ ජපානය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පාපැදිකරුවන්ට ජපානය නව නීතියක් හඳුන්වා දී තිබෙන බව වාර්තාවේ.

ඒ පාපැදිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කරමින් යන්නේ නම්, ඔවුන් හට උපරිම මාස හයක සිර දඬුවමක් හෝ යෙන් 100,000 ක දඩයක් නියම කරමිනි.

මෙම නව නීතිය දැඩිව ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 2021 වසරේ පටන් පාපැදිකරුවන් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව ඉහළ යාම, මෙලෙස නව නීතියක් හඳුන්වාදීමට හේතුව ඇති බව සඳහන් වේ. ඒ අනුව වර්තමානය වන විට බහුතර පිරිසක් පොදු ප්‍රවාහනය පසෙකලා පාපැදිය තෝරාගැනීම, බලධාරීන් විසින් මෙවන් නියාමනයක් සිදුකිරීමට සෘජුවම බලපෑම් කර ඇත.

දුරකථන භාවිතය මැඩලීමට අමතරව, නව නීති මගින් බීමතින් පාපැදි පැදවීම ද ඉලක්ක කර ඇති බව සඳහන් වේ. එලෙස යමෙක් බීමතින් පාපැදි පදවන්නේ නම්, වසර තුනක සිර දඬුවමක් හෝ යෙන් 500,000 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇති බව පැවසේ. නව නීති බලාත්මක වී පැය කිහිපයකට පසු ඊයේ දිනයේ ම ඔසාකා බලධාරීන් විසින් නව මාර්ග නීති උල්ලංඝනය කිරීම් පහක් හඳුනාගෙන ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2023 වසරේදී එරටින් වාර්තා වුණු පාපැදි අනතුරු 72,000කට අධික බව වාර්තා වේ.

එය රටේ සිදුවන සියලුම රථවාහන අනතුරුවලින් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නා බව ඔවුන් පෙන්වා දෙන අතර, රට තුළ 2024 පළමු භාගයේදී පාපැදිකරුවන් තම දුරකථන භාවිතා කිරීමෙන් සිදුවූ අනතුරුවලින් එක් මරණයක් සහ බරපතල තුවාල 17 ක් වාර්තා වූ බව සඳහන් වේ.

එවන් තත්ත්වයක් මත ගෙන එන ලද මෙම නව නීති, පදවන්නන්ගේ සහ පදිකයින්ගේ ආරක්ෂාව අරමුණු කරගත් රෙගුලාසි මාලාවකින් සැදුම්ලත් බව බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි. පසුගිය වසරේදී ජපන් බලධාරීන් විසින් පාපැදිකරුවන්ට හිස්වැසුම් පැළඳීම ද අනිවාර්ය කර තිබුණි. තවද, ජපාන පාර්ලිමේන්තුව මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් පාපැදිකරුවන්ට දඩ නියම කිරීමට පොලිසියට අවසර දෙන පනතක් ද මැයි මාසයේදී සම්මත කරනු ලැබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...