දුමිදු අබේවික්‍රමට අති විශිෂ්ඨ ජයක්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW:

XVI Mexican International 2025 තරගාවලියේ අවසාන තරගය සඳහා පිවිසීමට දුමිදු අබේවික්‍රම සිය ජාත්‍යන්තර බැඩිමින්ටන් පිටියේ මේ දක්වා වාර්තා කරන ලද විශිෂ්ඨම ජයග්‍රහණය වාර්තා කරන්නට එම තරගාවලියේ අවසාන පූර්ව තරගයේදී සමත් වුණා.


ඔහු අතින් පරාජයට පත් වූ 38 හැවිරිදි ගුවාතමාලාවේ කෙවින් කෝර්ඩන් වර්ථමානයේ අංක 79 වන තැනට ශ්‍රේණිගතව සිටින අතර ඔහු කලක් 24 වන තැන පසු වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න සමඟ කෙවින්ගේ හොඳම කාලයට සම්බන්ධ ඉතිහාසය ගත් විට දැක්වෙන්නේත් තරග 3-1 ක් ලෙස ජය පරාජය කෙවින්ට වාසිදායක විදිහට විසඳුණ ඉතිහාසයක්.


මීට පෙර දුමිදුට මුණ ගැසුණු අවස්ථා දෙකේදිම දුමිදුව පරදවා ජයගෙන සිටි කෙවින් මේ තරගයේදී දුමිදු ඉදිරියේ ලකුණු 21 – 14 ක් සහ 21 – 14 ක් ලෙස පරාජයට පත්වෙනවා.කෙවින් එම පරාජයෙන් මිදීමට තරගයේ අවසාන තීරණය සඳහා විනාඩි 41 ක් ගත කළත් දුමිදු ඊට අවස්ථාවක් නොදෙමින් ඔහුගේ බැඩ්මින්ටන් ජීවිතයේ වටිනාම ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා.අද දුමිදු අවසාන තරගයේදී ඇමෙරිකාවේ මාක් ෂර්ලි සමඟ තරග වඳිනවා.26 හැවිරිදි ඔහුත් 83 වන තැනට ශ්‍රේණිගතව සිටිනවා.දුමිදු මීට පෙර ලබා තිබුණ ඉහළම ජය වාර්තා කරගෙන තිබුණේ මාක්ට එරෙහිව වන අතර මාක් සහ දුමිදු අතර තරග ඉතිහාසයේ ජයග්‍රහණ දැක්වෙන්නේ 1-1 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...

K-beauty නිෂ්පාදන පැමිණෙන්නේ දකුණු කොරියාවෙන් විතර ම ද? ව්‍යාජ නිෂ්පාදන ගැන ඔබ දැනගත යුතු ම කරුණු

කොරියානු රූපලාවණ්‍ය නිෂ්පාදන, නොඑසේ නම් "K-beauty" නිෂ්පාදන ලොව පුරා...

යුක්රේනය පුරා රුසියානු ප්‍රහාර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය පුරා රුසියානු...