රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :
අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
මහ බැංකුව සඳහන් කළේ, ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල 2021 වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම වැඩිවීම වාර්තා කරමින්, 2025 සැප්තැම්බර් වනවිට එය දර්ශකාංක 67.6 ක අගයක් දක්වා ඉහළ ගිය බවයි.
ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතීම මගින් ඉදිකිරීම් අංශයේ වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයා ඇති බව ප්‍රතිචාර දැක්වූවන් විසින් අවධාරණය කරන ලද බව මහ බැංකුව සඳහන් කරයි.
නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් දර්ශකද ඒ අනුව වැඩිවී තිබෙන බව වාර්තා වේ.
