වතිකානු විදේශ අමාත්‍යවරයා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ලබන සතියේ ශ්‍රී ලංකාවට නිල සංචාරයක් කරනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදු කරනු ලබන්නේ, ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා ය.

මෙම සංචාරය අතරතුර, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය යන මහත්වරුන් හමුවී අමාත්‍ය හේරත් මහතා සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇත.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර, එහිදී අගරදගුරු ගැලගර් දේශනයක් පවත්වනු ඇත.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ පල්ලි ඇතුළුව රට පුරා සංස්කෘතික හා ආගමික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමේ වැඩසටහනට තවදුරටත් ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...